සැක කටයුතු ලෙස වත්කම් රැස්කළ කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයකු අත්අඩංගුවට

Saturday, 25 May 2019 - 8:01

%E0%B7%83%E0%B7%90%E0%B6%9A+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%85+%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%91%E0%B6%9C%E0%B6%BD+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
සැකසහිත ආකාරයට වත්කම් උපයා ගැනීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කුරුණෑගල මහරෝහලේ වෛද්‍යවරයා තවදුරටත් රදවාගෙන ප්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.

අදාළ වෛද්‍යවරයාගේ වත්කම් පිළිබද සොයා බැලීම සඳහා සහ ඔහුට වත්කම් ලැබුණු ආකාරය පිළිබදව සොයා බැලීමටයි සැකකරු ඊයේ රාත්‍රියේ කුරුණෑගල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 42ක් වන සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි නැමති කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු සම්බන්ධයෙන් චෝදනා කිහිපයක් එල්ල වී ඇති බව ද පොලීසිය ප්‍රකාශ කළා.

මේ අතර, මෛම වෛද්‍යවරයා සම්බන්ධයෙන් ලබන සිකුරාදා රැස් වන ශ්‍රී  ලංකා වෛද්‍ය සභාවේ දී ද සාකච්ඡා කිරීමට නියමිතයි.

එහි ප්‍රකාශකයෙකු සදහන් කළේ අදාළ වෛද්‍යවරයා සම්බන්ධයෙන් වෛද්‍ය සභාවට විමර්ශන ආරම්භ කළ හැක්කේ පිළිගත් ක්‍රමවේදය ඔස්සේ දිවුරුම් ප්‍රකාශයක් මගින් පැමිණිල්ලක් ඉදිරිපත් වුවහොත් පමණක් බවයි.



මහනුවර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 6:46

මහ මැතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල නිකුත්... Read More

රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 6:01

මහ මැතිවරණ‍යේ රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල... Read More

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය, නාමල් පළමු තැනට
Friday, 07 August 2020 - 4:51

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More