පිස්තෝලයක් සහ අත්බෝම්බයක් සමඟ 4 දෙනෙකු පිළියන්දල දී අත්අඩංගුවට

Saturday, 25 May 2019 - 9:53

%E0%B6%B4%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%9D%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+4+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BD+%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
පිළියන්දල - හැඩිගම ප්‍රදේශයේදී පිස්තෝලයක් සහ අත්බෝම්බයක් ඇතුළු උපකරණ කිහිපයක් සමඟ පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී මෙම ආයුධ හමුවූ බවයි.

මීට අමතරව මෝටර් රථයේ තිබූ කිනිසි දෙකක්, වෙඩි බෙහෙත් ග්‍රෑම් 200ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් මොරවක, පෑලියගොඩ සහ කැළණිය ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් අද කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.