ජාතික ආරක්ෂක තත්වය පිළිබඳ සමාලෝචන සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි

Saturday, 25 May 2019 - 17:07

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%9D%E0%B6%A0%E0%B6%B1+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ජාතික ආරක්ෂක තත්වය පිළිබඳ සමාලෝචන සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ රැස්වී තිබෙනවා.

සියලූ පාර්ශ්වවල අදහස් සහ යෝජනා මෙන්ම සහයෝගය ලබා ගනිමින් රටේ ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියේ දී එම කටයුතු සමාලෝචනය කිරීමේ සභාවක් මාසිකව කැඳවීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති අතර, එහි පළමු රැස්වීමයි ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුනේ.

සර්ව ආගමික නායකයන්, කථානායක කරූ ජයසූරිය, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ ජ්‍යෙෂ්ඨ මැති ඇමතිවරුන්, ආණ්ඩුකාරවරුන්, පක්ෂ නායකයන් ඇතුළු නියෝජිතයන්, විශ්වවිද්‍යාල උපකුලපතිවරු, මහාචාර්යවරු ඇතුළු විද්වතුන් , ජනාධිපති ලේකම්, ආරක්ෂක ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ වැඩබලන පොලිස්පති  ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් මෙම සාකච්ඡාවට එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

පසුගියදා රට තුළ ඇති වූ තත්ත්වය සමනය කිරීමට මාසයක් වැනි කෙටි කාලයක් ඇතුළත පියවර ගැනීම පිළිබඳ මෙහිදී සහභාගී වූ සියලූ නියෝජිතයන් ජනාධිපතිවරයා වෙත සිය ප්‍රශංසාව පළ කර තිබෙනවා.

මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කළේ ශ්‍රී ලංකාව තුළ ත්‍රස්ත ක්‍රියාකාරකම් අවසන් වුව ද ලෝකයේ අනෙකුත් රටවල් මෙම ත්‍රස්ත සංවිධානය  පිළිබඳ ලබා ඇති අත්දැකීම් අනුව රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව අඛණ්ඩව දැඩි අවධානයකින් පසුවීම ඉතා වැදගත් බවයි.

මෙම ජාත්‍යන්තර තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීමේ දී සියලූ පාර්ශ්වයන්ගේ සහාය ඊට අවශ්‍ය බව ද ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.

මෙම රැස්වීම මාසයකට වරක් කැඳවීමට අපේක්ෂා කරන අතර ජාතික ආරක්ෂක වැඩපිළිවෙළේ යම් අඩු පාඩු හා දුර්වලතා  තිබේ නම් ඒ පිළිබඳ මෙහිදී අදහස් ඉදිරිපත් කළ හැකි බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ.

මෙහිදී කතානායක කරූ ජයසූරිය පෙන්වා දී ඇත්තේ විදෙස් රටවල තානාපතිවරු සමග සාකච්ඡා කිරීමට තමාට පසුගිය දින කිහිපයේ අවස්ථාව ලැබුණු අතර රටේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳව ඔවුන් සියලූදෙනා සෑහීමකට පත්ව සිටින බවයි.

ඒ අනුව සංචාරකයන් සඳහා ඇතැම් රටවල් පනවා තිබූ බාධක කඩිනමින් ඉවත් කර ගැනීමට කටයුතු කරනු ඇති අතර, ඉතා කෙටි කලක් තුළ සංචාරක ව්‍යාපාරය යථා තත්ත්වයට පත්කරගත හැකි වනු ඇති බවට ද කතානායකවරයා විශ්වාසය පළ කළා.

විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මෙහිදී අදහස් දැක්වු අතර ඔහු සඳහන් කළේ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ කටයුතුවල දී දේශපාලන කෝණයකින් නොබලා සියලූ දෙනා එක්ව කටයුතු කිරීමේ වැදගත් බවයි.

මෙරට ආරක්ෂක අංශවල උපරිම සහයෝගය සියලූ ජනතාවට හිමිවීම මෙහිදී දෙමළ සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ඇගැයීමට ලක් කර තිබෙනවා.

ආචාර්ය සරත් අමුණුගම පෙන්වා දුන්නේ ත්‍රස්තවාදින්ට මුදල් ගලා ඒම සහ එම මුදල් සංසරණය පිළිබඳවත් අවි ආයුධ ඇතුළු යුද උපකරණ ලැබීම පිළිබඳවත් ගැඹූරින් සොයාබැලීමේ පුළුල් පරික්ෂණ අවශ්‍ය බවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කළේ මෙම සියලූ කරුණු පිළිබඳ පුළුල් අවධානයක් යොමු කරන අතර, ජාතික ආරක්ෂක මණ්ඩලයේ දී මෙම සියලූ කරුණු සාකච්ඡාවට ලක් කරමින් විධිමත් වැඩපිළිවෙළක් හරහා ඒවා ක්‍රියාවට නැංවීමට කටයුතු කරන බවයි.

ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක ප්‍රධානින් ද අදහස් දැක්වූ අතර මෙම ත්‍රස්ත සිදුවීම ජාත්‍යන්තර ත්‍රස්ත ක්‍රියාකාරකමක් බැවින් ජාත්‍යන්තර බුද්ධි අංශවල සහයෝගය  ලබාගනිමින් එහි ක්‍රියාකාරත්වය වැළැක්වීමට ගෙන තිබෙන පියවර පිළිබඳව ඔවුන් කරුණු ඉදිරිපත් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.



මහනුවර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 6:46

මහ මැතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල නිකුත්... Read More

රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 6:01

මහ මැතිවරණ‍යේ රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල... Read More

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය, නාමල් පළමු තැනට
Friday, 07 August 2020 - 4:51

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More