විග්නේෂ්වරන්, මෝදිගෙන් දෙමළ ජනතාවගේ අයිතීන් ඉල්ලයි

Sunday, 26 May 2019 - 12:40

%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%B8%E0%B7%9D%E0%B6%AF%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
එක්සත් ශ්‍රී ලංකාවක් තුළ පෙඩරල් ව්‍යුහයක් යටතේ දෙමළ ජනතාවගේ අයිතීන්, ආරක්ෂාව සහ සුබසිද්ධිය උදෙසා ඉන්දියාව කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බව උතුර පළාත් හිටපු අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් පවසනවා.

නරේන්ද්‍ර මෝදි නැවතත් ඉන්දියාවේ නායකත්වයට පැමිණීම නිමිත්තෙන් සුභාශිංෂන ලිපියක් යොමු කරමින් ඔහු මේ බව කියා සිටියා.

එහිදී ඔහු සඳහන් කර ඇත්තේ මෙරට දෙමළ ජනතාව අග්‍රාමාත්‍ය මෝදිගෙන්  වැඩි දායකත්වයක් අපේක්ෂා කරන බවයි.

ඉන්දියාවේ අසල්වැසි රටක් ලෙස ශ්‍රී ලංකාවේ දැවැන්ත ආර්ථික සංස්කෘතික අධ්‍යාපනික සංවර්ධනයක් උදෙසා අග්‍රාමාත්‍ය මෝදි කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බවද ඔහු සිය ලිපියෙන් වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර උතුර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් තමිල්නාඩු ඞී.එම්.කේ. පක්ෂ නායක එම්.කේ. ස්ටාලින් වෙතද ලිපියක් යොමුකර තිබෙනවා.

එහි දැක්වෙන්නේ මෙරට යුද්ධයේ අවසන් කාලයේ ඞී.එම්.කේ. පක්ෂයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව තුළ කළකිරීමක් පවතින බවයි.

කෙසේ වෙතත් ඔවුන්ගේ සමාජ අභිවෘද්ධිය වෙනුවෙන් ඞී.එම්.කේ. පක්ෂය තවදුරටත් කැපවෙන ඇතැයි තමන් විශ්වාස කරන බවද විග්නේෂ්වරන් සිය ලිපියේ සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සහ තමිල්නාඩු දෙමළ ජනතාවගේ ගැටළු පිළිබඳ අවබෝධ කරගැනීමට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසද මෙම ලිපියෙන් ඔහු ඉල්ලා ඇති අතර, ඊට අවශ්‍ය පහසුකම් සපයන බවද ඞී.එම්.කේ. පක්ෂ නායකයා වෙත උතුර පළාත් හිටපු මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් දැනුම් දුන්නා.