ව්‍යවස්ථාවට එරෙහි නොවන බව හමුදාපති කියයි

Monday, 27 May 2019 - 12:38

%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
කෙටි කාලයකට හෝ රටේ පාලන බලය ලබාගන්නා ලෙස විවිධ පාර්ශවයන්ගෙන් ඉල්ලීම් ඉදිරිපත් වී ඇති බවට හා තමන් ඊට ප්‍රතිචාර දක්වා ඇති බවට සමාජ මාධ්‍යවල පළවන වාර්තා අසත්‍ය බව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්ති අංශයට විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු කියා සිටියේ නීත්‍යානුකූල නොවන කිසිදු කටයුත්තකට යුද හමුදාව සම්බන්ධ නොවන බවයි.

යුද හමුදාව වෘත්තිය විනයගරුක හමුදාවක් බවද යුද හමුදාපතිවරයා එහිදී කියා සිටියා.

රටේ ජනතාව යුද හමුදාව පිළිගෙන ඇති බැවින් ජනතාවගේත් රටේත් ආරක්ෂාව සැපයීම යුද හමුදාවේ ප්‍රමුඛ වගකීමක් බවයි යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සඳහන් කළේ.

සේනාධිනායකයා ලෙස ජනාධිපතිවරයා ලබාදෙන නියෝග අනුව රටේ ව්‍යවස්ථාවට ගරු කරමින් ශ්‍රී ලංකා යුද හමුදාව කටයුතු කරන බවද ඔහු පෙන්වා දුන්නා.

එබැවින් සේනාධිනායකයාට හෝ ව්‍යවස්ථාවට එරෙහිව කිසිදු විටෙක කටයුතු නොකරන බවයි යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වැඩිදුරටත් අවධාරණය කළේ.