ලබන 29 සහ 30 නිරිතදිග කොටසේ වැසි වැඩිවීමක්

Monday, 27 May 2019 - 13:52

%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+29+%E0%B7%83%E0%B7%84+30+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B6%AF%E0%B7%92%E0%B6%9C+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්වයේ වැඩිවීමක් ලබන 29 සහ 30 දිනවල අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව පළාත්වලට සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇතිවිය හැකියි.