කුරුණෑගල වෛද්‍යවරයා ගැන, සෞඛ්‍ය අමාත්‍යාංශයෙනුත් පරීක්ෂණයක් - බලපෑම් සිදුවන බවට රතන හිමිගෙන් චෝදනා

Monday, 27 May 2019 - 15:26

%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%91%E0%B6%9C%E0%B6%BD+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%2C+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%91%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%BB%E0%B6%AD%E0%B6%B1+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
අත්අඩංගුවට ගෙන සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ විමර්ශන මණ්ඩලයක් පත් කර තිබෙනවා.

මේ අතර, වෛද්‍යවරයාට එරෙහිව අද දිනය තුළ පමණක් කාන්තාවන් 51 දෙනෙකුගෙන් පමණ පැමිණිලි ඉදිරිපත් කළ බවයි රෝහල් පාලන අධිකාරිය හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

පැමිණිලි ඉදිරිපත් කළ කාන්තාවන් සියලුදෙනාගේ ප්‍රකාශ සටහන් කරගැනීමක් ද සිදුකර තිබෙනවා.

මේ අතර, අදාළ වෛද්‍යවරයා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන නතර කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයාට බලපෑම් කරන බවටයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කළේ.

එලෙස බලපෑම් සිදුකළහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමු වීමට සියළු වෘත්තීය සමිති තීරණය කර ඇති බව කුරුණෑගල දිස්ත්‍රික් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ඉන්දික රත්නායක කියා සිටියා.

සැකසහිත ආකාරයට වත්කම් ඉපයීම සම්බන්ධයෙන් කුරුණෑගල මහ රෝහලේ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 24 වනදා රාත්‍රියේදි කුරුණෑගල - නුවර පාරේ ඔහුගේ නිවසේදියි.

පසුව මෙම වෛද්‍යවරයා වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදෙනු ලැබුවා.

මේ වනවිට අනාවරණ වී ඇත්තේ 42 හැවිරිදි මෙම වෛද්‍යවරයා වසර 13 කට අධික කාලයක් රෝහල් 3 ක ප්‍රසව හා නාරි වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කර ඇති බවයි.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ද අද කුරුණෑගල රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූයේ අදාළ වෛද්‍යවරයා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහායි.