ඉදිරි දින දෙකේදී වැසි තත්ත්වයේ වැඩිවීමක්

Tuesday, 28 May 2019 - 6:41

%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ඉදිරි දිනවලදී දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

විශේෂයෙන් මැයි මස 29 සහ 30 දිනවල දී මෙම තත්ත්වයේ වැඩිවීම අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව අද (28) උදෑසන නිකුත්කළ නිවේදනයේ දැක්වෙන්නේ.

අද (28) දිනය තුල බස්නාහිර, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි අතර  වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.

ඌව පළාතේ, පස්වරු 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන්.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 75ක පමණ තරමක තද වර්ෂාපතනයන්ද ඇති විය හැකි බවයි දැනුම් දෙන්නේ.




රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 6:01

මහ මැතිවරණ‍යේ රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල... Read More

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය, නාමල් පළමු තැනට
Friday, 07 August 2020 - 4:51

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More

යාපනය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 4:33

යාපනය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More