බුර්කාව ගැලවීමට අකමැති වූ වෛද්‍යවරියක්, රැකියාව අතහරී

Tuesday, 28 May 2019 - 7:30

%E0%B6%B6%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%BD%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B6%9A%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%96+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%2C+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%AD%E0%B7%84%E0%B6%BB%E0%B7%93
බුර්කාව ගලවා සේවයට පැමිණීම ප්‍රතික්ෂේප කළ වෛද්‍යවරියක රැකියාවෙන් ඉල්ලා අස්වීමේ පුවතක් හෝමාගම මූලික රෝහලෙන් වාර්තා වුණා.

මෙම වෛද්‍යවරිය ඉකුත් අප්‍රේල් මාසයේ අවසන් සතියේ දිනෙක බුර්කාව පැළද හෝමාගම මූලික රෝහලේ සේවයට වාර්තා කර බාහිර ප්‍රතිකාර ඒකකයේ රාජකාරියට පැමිණි අවස්ථාවේදී එහි සිටි රෝගීන් ඇයගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට අකමැත්ත පළ කර තිබුණා.

පසුව එම රෝහලේ කාර්ය මණ්ඩලය ද ඇය බුර්කාව පැළද රාජකාරී කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුව රෝහල් පාලන අධිකාරිය මෙම වෛද්‍යවරියට දැනුම් දී ඇත්තේ බුර්කාව ගලවා රාජකාරියට වාර්තා කරන ලෙසටයි.

එම සිද්ධියත් සමඟ මෙම වෛද්‍යවරිය කිසිදු දැනුම් දීමකින් තොරව රාජකාරි සදහා වාර්තා කර නොමැති බව හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී රෝහල් ප්‍රකාශකයෙකු සදහන් කළා.

පසුව ඇය තමා රැකියාවෙන් ඉල්ලා අස්වන බවට ලිපියක් මගින් රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා දැනුවත් කර තිබෙනවා.