වරෙන්තු ලැබූ පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට

Tuesday, 28 May 2019 - 8:06

%E0%B7%80%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මුදල් වංචාවක් සම්බන්ධයෙන් විභාග වූ නඩුවක් සම්බන්ධයෙන් වරෙන්තු නිකුත් කර තිබූ පාකිස්තාන ජාතකයින් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වලංගු වීසා බලපත්‍ර මත මෙරටට පැමිණ වෙළදාම් කටයුතුවල නිරතව සිටියදීයි මොවුන් ඊයේ (27) අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජගිරිය ප්‍රදේශයේදීයි.

මේ අතර, වලංගු වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැදී සිටි නයිජීරියානු ජාතිකයෙකු ද ගාල්ල පාලම අසළ දී ඊයේ (27) අත්අඩංගුවට ගෙන තිබෙනවා.