පිහිණුම් තටාකයක ගිලී පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට

Tuesday, 28 May 2019 - 10:08

%E0%B6%B4%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%AB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B6%A7%E0%B7%8F%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%93+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
මීගමුව - පමණුගම ප්‍රදේශයේ පිහිටි හෝටලයක පිහිණුම් තටාකයේ දිය නාමින් සිටි පොලිස් නිලධාරියෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිය රාජකාරිය අවසන් කර නිවස බලා යමින් සිටියදීයි ඔහු මෙම හෝටලයට පැමිණ ඇත්තේ ඊයේ දිනයේයි.

පසුව එම හෝටලයේදී දියේ ගිලී අනතුරට ලක්වූ මොහු පමුණුගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි මිය ගොස් ඇත්තේ.

මොහු දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන අවුරුදු 58ක් වයසැති කිඹුලාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.