කාර්මික දෝශයකට ලක් වූ ලොරි රථයක් දරුණු අනතුරක

Tuesday, 28 May 2019 - 11:08

%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%92%E0%B6%9A+%E0%B6%AF%E0%B7%9D%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%BD%E0%B7%9C%E0%B6%BB%E0%B7%92+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A
යකඩ කම්බි ප්‍රවාහනය කළ ලොරි රථය මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවකින් පහලට පෙරළීයාමෙන් සිදු වූ අනතුරකින් එහි රියදුරු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

අද (28) අළුයම පොළොන්නරුව - හබරන මාර්ගයේ හිරිතලේ වැව පල්ලමේදී මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

ලොරි රථයේ ඇතිවූ කාර්මික දෝශයක් හේතුවෙන් රියදුරුට රථය පාලනය කර ගත නොහැකිව ලොරි රථය පෙරළි ඇති බවයි පොලිසිය සැක පළකරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් මින්නේරිය පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වනවා.