වැලිකන්දේ පානීය ජල අර්බුදයක්

Tuesday, 28 May 2019 - 12:50

%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B7%93%E0%B6%BA+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පොළොන්නරුව - වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අසේලපුර, සෝමාවතීය, මහවැලිතැන්න ඇතුළු ගම්මාන රැසක ජනතාව උග්‍ර පානීය ජල අර්බුදයකට මුහුණ දී සිටින බවට හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

ගම්වාසීන් සඳහන් කළේ බලධාරීන් විසින් පානීය ජල ව්‍යාපෘතියක් මීට පෙර ආරම්භ කළ නමුත්, ගම්මානයේ ජනතාවට තවමත් ජලය නිසි පරිදි නොලැබෙන බවයි.

ප්‍රදේශයේ ජනතාව මුහුණ දී ඇති ජල ගැටලූව පිළිබඳව අප වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් එමි. එම්. හයිරුන්නිශාගෙන් විමසීමක් කළා.

ඔහු කියා සිටියේ ප්‍රදේශයට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම ජල ගැටළුව පවතින බවයි.