පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛයට ගුරු සංගමයකින් චෝදනා

Tuesday, 28 May 2019 - 12:57

%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%A0%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BD%E0%B7%9A%E0%B6%9B%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
ඊයේ නිකුත් වු ලබන වසර සදහා පළමු ශේ‍්‍රණියට සිසුන් ඇතුළත් කිරිමේ චක්‍රලේඛයේ ගැටළු කිහිපයක් පවතින බවට ගුරු සංගම් චෝදනා කරනවා.

ලංකා ගුරු සංගමය පවසන්නේ පසුගිය වසරේ වයඹ සහ බස්නාහිර පළාත් සදහා ඔප්පු හිමිකාරීත්වය සම්බන්ධයෙන් ලකුණු ලබාදීමේ ගැටළුව ඊයේ නිකුත් කෙරුණු නව චක්‍රලේඛයේ ද පවතින බවයි.

මෙම ගැටළුව සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය  පසුගිය වසරේදී මානව හිමිකම් කොමිසමටද පැමිණිලි කර තිබෙනවා.

එමෙන්ම දුෂ්කර ප්‍රදේශවල ඉගැන්විම් සිදු කරන  ගුරුවරුන්ට පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරිමේදී ලකුණු ලබාදීමේදී අසාධාරණයක් මෙවර  චක්‍රලේඛය මගින් සිදුව ඇති බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශෆ් ස්ටාලින් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සම්බන්ධ කර ගැනිමට අප උත්සහ කලත් එය අසාර්ථක වුයේ ඔහු දුරකථනයට ප්‍රතිචාර නොදැක්විම හේතුවෙන්.