පොලිස් කොස්තාපල්වරියකගේ රාජකාරියට බාධා කළ නීතිඥවරියක් අත්අඩංගුවට

Wednesday, 29 May 2019 - 9:16

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%A5%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණයේ රාජකාරී කටයුතුවල නිරතව සිටි පොලිස් කොස්තාපල්වරියකගේ රාජකාරියට බාධා කර, තුවාල සිදුකිරීම යන චෝදනා යටතේ නීතිඥවරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අධිකරණ සංකීර්ණයට ඇතුළු වන අවස්ථා පරීක්ෂා කිරීමේ කටයුත්තකදී නීතිඥවරිය විසින් පොලිස් කොස්තාපල්වරිය සූරා, තුවාල සිදුකර ඇති බවටයි නීතිඥවරියට චෝදනා එල්ල වී ඇත්තේ.

අදාළ චෝදනා යටතේ එම නීතිඥවරිය අද පෙරවරුවේ කෙසෙල්වත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.

තුවාල ලැබූ අදාළ පොලිස් කොස්තාපල්වරිය අද අධිකරණය වෛද්‍ය නිලධාරීවරයෙකු හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.