නව ඇමතිවරුන් දෙදෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරයෙකු ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

Wednesday, 29 May 2019 - 10:46

%E0%B6%B1%E0%B7%80+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B7%84+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකුගේ විෂයන් සංශෝධනය වී තිබෙනවා. එමෙන්ම එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී වසන්ත සේනානායක රාජ්‍ය අමාත්‍ය ධූරයක අද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා. ඒ ජනාධිපති නිල නිවසේදීයි.

මීට පෙර පී. හැරිසන් අමාත්‍යවරයා යටතේ පැවති ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශය නව සංශෝධනය යටතේ රංජිත් මද්දුම බණ්ඩාර අමාත්‍යවරයාට එක් කර ඇති අතර ඒ අනුව රාජ්‍ය පරිපාලන, ආපදා කළමණාකරණ සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස ඔහු අද පෙරවරුවේ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.

පී. හැරිසන් අමාත්‍යවරයා දිවුරුම් දෙනු ලැබුවේ කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජල සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේයි.

කෙසේ වෙතත් දැනට පවතින කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාවේ වෙනසක් සිදුව නැහැ. කැබිනට් අමාත්‍ය ධූර 30ක් දැනට පවතිනවා.

මේ අතර, කිහිප අවස්ථාවක පක්ෂ මාරු කළ වසන්ත සේනානායක මන්ත්‍රීවරයා අද විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයේ යළි දිවුරුම් දෙනු ලැබුවා.

එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරය දරණ ලැබූ මොහු, පසුව ජනාධිපතිවරයාට සහය දක්වමින් පිහිටවනු ලැබූ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධූරය දැරූ ආණ්ඩුවේ සංචාරක සහ වනජීවි අමාත්‍යවරයා ලෙස කටයුතු කළා.

මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය නීත්‍යානුකූල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කිරීමෙන් පසු මොහු යලි එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවට සහය පළ කරන බව ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් මෙම තීන්දුවෙන් පසු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් යුත් නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙන අවස්ථාවේදී වසන්ත සේනානායක මන්ත්‍රීවරයාට අමාත්‍ය ධූරයක් හිමි වූයේ නැහැ.

අද දිවුරුම් දුන් රාජ්‍ය අමාත්‍යවරයාත් සමඟ රාජ්‍ය අමාත්‍ය ධූර සංඛ්‍යාව 18 දක්වා ඉහල යනවා.



rn