නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් කොටුගොඩ ධම්මාවාස හිමියන් බැහැ දකී

Wednesday, 29 May 2019 - 13:03

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%B0%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B7%83+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%90%E0%B7%84%E0%B7%90+%E0%B6%AF%E0%B6%9A%E0%B7%93
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් අද උදෑසන අමරපුර මහා නිකායේ මහනායක, ගල්කිස්ස - ධර්මපාලාරාමාධිපති අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමියන් බැහැදුටුවා.

ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සකස් කර ඇති ජාතීන් අතර සමගිය ඇති කිරීම සඳහා වූ නව යෝජනාවලිය උන්වහන්සේට පිළිගැන්වීම සඳහායි.

මීට පෙර එම යෝජනාවලිය අස්ගිරි සහ මල්වතු පාර්ශවයේ මහනාහිමිවරුන්ට පිළිගැන්වූ අතර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඇතුළු දේශපාලන පක්ෂ නායකයින් වෙත භාර දෙනු ලැබුවා.

මේ අතර, රට තුළ එකම නීතියක් පැවතිය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ප්‍රකාශ කළා.

ඒ, අභාවප්‍රාප්ත උතුරුමැද හිටපු ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක වෙනුවෙන් ඊයේ පස්වරුවේ අනුරාධපුර ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකට එක්වෙමින්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණ අද කැදවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් අදහස් දැක්වූ එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර කියා සිටියේ ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා බුද්ධි මෙහෙයුම් ඉහළ නැංවිය යුතු බවයි.

මේ අතර, පක්ෂයට වඩා රට තමාට වැදගත් බව කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී. පෙරේරා ප්‍රකාශ කළා.

ඒ, සයිබර් ආරක්ෂණ පනත් කෙටුම්පත පිළිබදව දැනුවත් කිරීම සඳහා කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.



මහනුවර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 6:46

මහ මැතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල නිකුත්... Read More

රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 6:01

මහ මැතිවරණ‍යේ රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල... Read More

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය, නාමල් පළමු තැනට
Friday, 07 August 2020 - 4:51

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More