කුරුණෑගල වෛද්‍යවරයාට එරෙහි පැමිණිලි 190 ඉක්මවයි

Wednesday, 29 May 2019 - 13:16

%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%91%E0%B6%9C%E0%B6%BD+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%92+190+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B6%BA%E0%B7%92
අත්අඩංගුවට ගෙන සිටින වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆිට එරෙහිව මේ වනවිට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 190 ඉක්මවා තිබෙනවා.

කුරුණෑගල ශික්ෂණ රෝහලට මේ වනවිට පැමිණිලි 170වට අධික ප්‍රමාණයක් ලැබී ඇති අතර, අද උදෑසන පමණක් පැමිණිලි 50කට වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් වී ඇති බවයි රෝහල් ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මීට අමතරව දඹුල්ල මූලික රෝහලට සහ ගලේවෙල දිසා රෝහලටද පැමිණිලි 26ක් ඉදිරිපත්ව තිබෙනවා.

මේ අතර, අදාළ වෛද්‍යවරයාට එරෙහිව කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවකයන් පිරිසක් අදත් රෝහල ඉදිරිපිට විරෝධතාවයක් සංවිධාන කර ඇති බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න අද මාධ්‍ය හමුවක් කැදවමින් සඳහන් කළේ ත්‍රස්ත ප්‍රහාරයට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන්ට සහ මෙම වෛද්‍යවරයාට එරෙහිව නීතිය නිසි ලෙස ක්‍රියාත්මක විය යුතු බවයි.