විශේෂ තේරීම් කාරක සභාවේ පළමු සාක්ෂි විමසීම ඇරඹේ

Wednesday, 29 May 2019 - 13:17

%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%AD%E0%B7%9A%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B7%83%E0%B7%93%E0%B6%B8+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පත් කළ විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි විමසීම අද ආරම්භ වුණා.

මාධ්‍යයට විවෘත කරමින් විශේෂ තේරීම් කාරක සභාවේ පළමු සාක්ෂි විමසීම ආරම්භ වූයේ පාර්ලිමේන්තු කමිටු කාමර අංක 03 හිදීයි.

ඉන් අනතුරුව සාක්ෂි විමසීම් ආරම්භ වූ අතර, පළමුවෙන්ම සාක්ෂි ලබාදෙනු ලැබුවේ ආරක්ෂක ලේකම් ශාන්ත කෝට්ටේගොඩ විසින්.

එහිදී ඔහුගෙන් සාක්ෂි විමසීම සිදුකෙරුණා.

පෙරවරු 9 සිට පස්වරු 1 දක්වා පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි විමසිමේ කටයුතු සිදුකෙරෙනවා.

නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරිගේ සභාපතීත්වයෙන් යුත් මෙම තේරීම් කාරක සභාව මන්ත්‍රීවරුන් 07 දෙනෙකුගෙන් සමන්විතයි.  

කෙසේ වෙතත්, අද කාරක සභාව සඳහා අමාත්‍ය රාජිත සේනාරත්න හැර සියලුම සාමාජිකයෙන් එක්ව සිටියා.

විදේශ ගතවීමක් හේතුවෙන් ඔහු පැමිණි නොසිටි බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.