විපක්ෂ නායකගේ ආරක්ෂාවට වෙඩි නොවදින රථයක් ලබා ගැනීමට යෝජනාවක් කැබිනට් මණ්ඩලයට

Wednesday, 29 May 2019 - 13:20

%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව සඳහා වෙඩි නොවදින රථයක් ලබාදීමේ යෝජනාවක් ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත්ව තිබෙනවා.

එම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින්.

මේ සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කර මීළඟ අමාත්‍ය මණ්ඩල හමුවේදී අවසන් තීරණයක් ගැනීමටයි එකඟ වී ඇත්තේ.

මේ අතර, අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලි මහාසෑය ඇතුළු අටමස්ථානයන්හි ආරක්ෂා සැලසීම සඳහා බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා විසින් ඉදිරිපත් වූ යෝජනාවකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා.

පාස්කු ඉරිදා ප්‍රහාරය හේතුවෙන් සංචාරක ක්ෂේත්‍රයට එල්ල වූ අහිතකර බලපෑම අවම කර ගැනීම සඳහා පුළුල් ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කිරීම සඳහා ද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.