නොච්චියාගම රිය අනතුරකින් මව සහ පුතා මරුට

Wednesday, 29 May 2019 - 18:21

%E0%B6%B1%E0%B7%9C%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
නොච්චියාගම සිංහාරගම ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් මවක් සහ ඇයගේ පුත්‍රයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද උදෑසන ත්‍රී රෝද රථයක් කන්ටේනර් රථයක ගැටීමෙනුයි අනතුර සිදුවී ඇත්තේ.

මියගොස් ඇත්තේ 45 හැවිරිදි කාන්තාවක් සහ 12 හැවිරිදි පුත්‍රයායි.

මෙම කාන්තාවගේ සැමියා ද බරපතල තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුලත් කර තිබෙනවා.

කන්ටේනර් රථයේ රියදුරාට වේගය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් අනතුර සිදුව ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර නොච්චියාගම පොලිසිය විමර්ශණ සිදු කරනවා.