තේරීම් කාරක සභාව රැස්වෙයි - ආරක්ෂක ලේකම් සහ බුද්ධි ප්‍රධානියා සාක්ෂි දෙයි

Wednesday, 29 May 2019 - 19:20

%E0%B6%AD%E0%B7%9A%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පත් කළ විශේෂ තේරීම් කාරක සභාව හමුවේ ආරක්ෂක ලේකම්, ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ සහ ජාතික බුද්ධි ප්‍රධානී විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් අද සාක්ෂි ලබාදුන්නා.

මාධ්‍යයටද විවෘත වූ තේරීම් කාරක සභාවේ සාක්ෂි විමසීම ආරම්භ වූයේ පාර්ලිමේන්තු කමිටු කාමර අංක 03 හිදීයි.

අද එහි කටයුතු ආරම්භ කෙරුණේ කාරක සභාවේ වැඩබලන සභාපති මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන්.

අද දිනයේදී පළමුව ආරක්ෂක ලේකම්, ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩගෙන් සාක්ෂි විමසීම ආරම්භ කෙරුණු අතර, එහිදී කමිටු සාමාජිකයින් වන පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, රවී කරුණානායක සහ නලින්ද ජයතිස්සද ඊට මැදිහත් වුණා.  

අනතුරුව ජාතික බුද්ධි ප්‍රධානී විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් සාක්ෂි ලබාදුන්නා.