වතු නිවාස 24 ක් විනාශ කළ මහ රෑ එක්වරම ඇතිවූ ගින්න

Thursday, 30 May 2019 - 7:07

%E0%B7%80%E0%B6%AD%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83+24+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%81+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B8%E0%B7%84+%E0%B6%BB%E0%B7%91+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%B8+%E0%B6%87%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%96+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
තලවකැලේ හොලිරුඩ් වතුයායේ නැගෙනහිර කොටසේ වතු නිවාස පේලියක ඊයේ (29) රාත්‍රියේ හටගත් ගින්නකින් එම වතු නිවාස පේලියේ තිබු වතු නිවාස 24 ක් සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති බව තලවකැලේ පොලිසිය පවසනවා.
 
ඊයේ (29) රාත්‍රි 9.45 ට පමණ එක් නිවාසයකින් හටගත් ගින්න සෙසු නිවාස වලටත් පැතිර ගිය බවයි පොලිසිය සඳහන් කර තිබෙන්නේ.

ගින්නෙන් කිසිවෙකුටත් තුවාල සිදු ව නොමැති අතර ගින්නෙන් එම නිවාසවල පදිංචිව සිටි වතු කම්කරුවන්ට අයත් පෞද්ගලික බඩු බාහිර ආදිය සහ පාසල්  ළමුන්ගේ පෙලපොත් ඇතුළු පාසල් උපකරණ සියල්ලම සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබෙනවා.
 
පැතිර යමින් තිබූ ගින්න නුවරඑලිය මහ නගර සභාවේ සහ තලවකැලේ ලිදුල නගර සභාවේ ගිනි නිවිමේ ඒකකයේ නිලධාරින් තලවකැලේ පොලිසිය , යුධ හමුදා , පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරින් සහ වතුකම්කරුවන් එක්ව දැඩි පරිශ්‍රමයක් දරා පාලනය කිරිමට සමත් වූ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

ගින්නෙන් පවුල් 24 කට අයත් සමාජිකයන් 71 දෙනෙකු හොලිරුඩි දමිල මහා විද්‍යාලයේ තාවකාලිකව නතර කර ඇති අතර ඔහුන්ට අවශ්‍යය ආහාර පාන සහ යටිතල පහසුකම් ලබා දිමට තලවකැලේ ලිදුල නගර සභාව, වතු පාලන අධිකාරිය සහ ආපදා කලමණාකරණ ඒකකය කටයුතු කර තිබෙනවා.

දුරකථනයක් චාර්ජ් කිරිමට යාමේදි ඉන් ඇති වු විදුලි කාන්දුවක් ගින්නට හේතුව වී ඇති බවට ගින්න සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන තලවකැලේ පොලිසිය සැකකරනවා.
 
ගින්නෙන් සිදු වු අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති අතර ගිනිගත් වතු නිවාස පේලිය කඩා වැටිමේ අවධානමක්ද පවතින බවයි වාර්තාවන්නේ.
 
මේ අතර ගින්න හේතුවෙන් තලවකැලේ හොලිරුඩ් වතුයායේ වතු නිවාස වලට ලබා දි තිබු විදුලි බලයද තාවකාලිකව විසන්ධි කර තිබෙනවා.





හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය, නාමල් පළමු තැනට
Friday, 07 August 2020 - 4:51

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More

යාපනය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 4:33

යාපනය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More