තලාව, දහසය කෝටියේ බැංකු කොල්ලයට තුන්දෙනෙකු හසුවෙයි

Thursday, 30 May 2019 - 7:36

%E0%B6%AD%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%2C+%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B6%BA+%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%84%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
තලාව රාජ්‍ය බැංකුවේ සිදුවූ රුපියල් දහසය කෝටි 25,000 කට අධික වටිනාකමකින් යුත් මුදල් සහ රන්  කොල්ලයට සම්බන්ධ පුද්ගලයින් තුන්දෙනෙකු සම්බන්ධයෙන් තොරතුරු මේ වනවිට අනාවරණ වී තිබෙනවා.

ඒ, ගංජා තොගයක් ප්‍රවාහනය කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් හයදෙනෙකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදියි.

පසුගිය ජනවාරි 20 වනදා මෙම සැකකරුවන් එප්පාවල - කිරලෝගම ප්‍රදේශයේදී වෑන් රථයකින් ගංජා කිලෝ 1 යි ග්‍රෑම් 300 ක් ප්‍රවාහනය කරමින් සිටියදී  අත්අඩංගුවට ගෙන තිබුණා.

මොවුන් තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දිගින් දිගටම රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

මේ අතර තලාව බැංකු කොල්ලයට අදාළව දුරකථන විශ්ලේෂණ සහ ලැබුණු තොරතුරු අනුව සිදුකළ වැඩිදුර විමර්ශනයකදී ගංජා ප්‍රවාහන සිද්ධියට අත්අඩංගුවට ගත් හයදෙනා අතරින් තුන්දෙනෙකු මෙම කොල්ලයට සම්බන්ධ බවට කරුණු අනාවරණ වී තිබෙනවා.

මොවුන් තුන්දෙනා අවුරුදු 27 ත් 40 ත් අතර වයස්වල පසුවන ඉපලෝගම සහ තලාව ප්‍රදේශවල පදිංචිකරුවන්.

සැකකරුවන් අතර යුදහමුදාවෙන් පලාගිය පුද්ගලයෙකු සහ ගුවන් හමුදාවෙන් නීත්‍යානුකූලව ඉවත්වූ අයෙකුද සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

සොරකම් කරන ලද මුදල් සහ රන්භාණ්ඩ විකිණීමෙන් මිලදී ගත් බවට සැක කෙරෙන සුඛෝපභෝගී නවීනතම කැබ් රථයක් සහ මෝටර් රථයක් මීට පෙර එප්පාවල පොලීසිය සොයාගනු ලැබුවා.

ඊට අමතරව සැකකරුවන් අපරාධය සිදුකිරීමට පැමිණි බව සැක කරන වෑන් රථයද සොයාගැනුනු අතර, ඒවා තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

සිද්ධියට සම්බන්ධ එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ පැළඳ සිටි ලක්ෂ 17 ක් පමණ වටිනා පවුම් 35 ක් පමණ බරැති රන් ආභරණද පොලිස් භාරයට ගෙන ඇති අතර, ඒවා සොරකම් කරන ලද මුදල්වලින් මිලදි ගෙන ඇති බවටද අනාවරණ වුණා.