තේරීම් කාරක සභාව ගැන නිදහස් පක්ෂය අසතුටෙන්

Thursday, 30 May 2019 - 12:48

%E0%B6%AD%E0%B7%9A%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%85%E0%B7%83%E0%B6%AD%E0%B7%94%E0%B6%A7%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ විශේෂ තේරීම් කාරක සභාවේ කටයුතු පිළිබඳ සතුටුවිය නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.

එහි ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මේ බව කියා සිටියේ එම පක්ෂ මූලස්ථානයේ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ඒකාද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ මෙම විශේෂ තේරීම් කාරක සභාව තුළදී බුද්ධි තොරතුරු රැසක් අනාවරණ වීමට ඉඩ ඇති බවයි.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය මෙම විශේෂ තේරීම් කාරක සභාව සම්බන්ධයෙන් දක්වන්නේ ධනාත්මක මතයක්.

රට රකින ජන හඩ සංවිධානය අද කැදවා තිබූ මාධ්‍ය හමුවකදි පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමියන්ද තේරීම් කාරක සභාව සම්බන්ධයෙන් අදහස් පළ කරමින් උන්වහන්සේ කියා සිටියේ  තේරීම් කාරක සභාව ගැන විශ්වාසයක් නොමැති බවයි.

එමෙන්ම වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳව ජනතාව අසතුටෙන් පසුවන බවද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළා.