නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට ගිය ශ්‍රී ලාංකිකයින් 20 ක් පිටුවහල් කෙරේ

Thursday, 30 May 2019 - 13:23

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B6%BD%E0%B7%99%E0%B7%83++%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+20+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
නීතිවිරෝධීව මුහුදු මාර්ගයෙන්  ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමට උත්සහ කළ ශ්‍රී ලාංකිකයන් 20 දෙනෙකු එරටින් පිටුවහල් කර තිබෙනවා.

මෙම පිරිස යාත්‍රාවකින්  ඕස්ට්‍රේලියාව බලා ගමන් කරමින් සිටියදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය සතියේදීයි.

අත්අඩංගුවට ගත් පිරිස ක්‍රිස්මස් දූපතේ රදවා තැබීමෙන් අනතුරුයි යලි ශ්‍රී ලංකාවට පිටුවහල් කර ඇත්තේ.

මොවුන් මැයි මස පළමු සතියේ මෙරටින් පිටව ගොස් ඇති අතර කුඩා දරුවෙකුද මෙම පිරිස අතර සිටින බවයි  ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළේ.

වසර 05කට පසුව  ඕස්ට්‍රේලියාවට පැමිණි පළමු ශ්‍රී ලාංකිකයින් පිරිස මොවුන් වන අතර 2013 වසරේ සිට සරණාගතයින් ලෙස පැමිණි ශ්‍රී ලාංකිකයන් 186 දෙනෙකු යලි හරවා යැවීමට එරට බලධාරීන් කටයුතු කරනු ලැබුවා.