අසාද් සාලිට විරෝධය පා කළුතර පොහොට්ටුවේ සභාපතිවරු සම්බන්ධීකරණ රැස්වීමෙන් නැගිට යයි

Thursday, 30 May 2019 - 14:33

%E0%B6%85%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8F++%E0%B6%9A%E0%B7%85%E0%B7%94%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B4%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%93%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%92%E0%B6%A7+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලිට විරෝධය පළ කරමින් කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්ව සිටි පොදුජන පෙරමුණු පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් ඉන් පිටව ගොස් තිබෙනවා.

හිරු ප්‍රාදේශීය වාර්තාකරු සදහන් කළේ කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද උදෑසන මෙම සම්බන්ධීකරණ රැස්වීම ආරම්භ වී සුළු වේලාවකට පසු ආණ්ඩුකාර අසාද් සාලි ඊට එක්වූ බවයි.

එම අවස්ථාවේදි සම්බන්ධිකරණ කමිටුවේ අසුන් ගෙන සිටි පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් ඉන් පිටව ගොස් ඇත්තේ තමන්ට සරිලන ආරක්ෂාවක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුල නොමැති බව පවසමින්.

මෙම සම්බන්ධීකරණ රැස්වීමට එහි සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න, කැබිනට් නොවන අමාත්‍ය අජිත් පි.පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම සහ පොලිස්, නාවික, යුද හමුදා නිලධාරින් මෙන්ම රාජ්‍ය නිලධාරින් ද එක්ව සිටියා.

ආණ්ඩුකාර අසාද් සාලිට විරෝධය පළ කරමින් කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවෙන් පිටතට පැමිණි වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ සභාපති උදේනි අතුකෝරාල අදහස් පළ කළා.

මේ අතර ආණ්ඩුකාරවරයාට විරෝධය පළ කරමින් කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඉදිරිපිට පෙරවරුවේ විරෝධතාවයක් පැවති අතර එය සංවිධාන කර තිබුණේ ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන්.

මෙම විරෝධතාව හේතුවෙන් ආණ්ඩුකාරවරයා පොලිස් ආරක්ෂාව මධ්‍යයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිටුපස දොරටුවෙන් පිටව ගිය බවයි එහි සිටි අප වාර්තාකරු සඳහන් කළේ.

බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා එලෙස පිටව යද්දී එම ස්ථානයේ සිටි පිරිස විරෝධය පළ කළා.