අනුරාධපුරයේදී මෝටර් රථයක් ගිනිගෙන විනාශ වෙයි

Thursday, 30 May 2019 - 16:05

%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%9D%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%81+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
අනුරාධපුර නව බස්නැවතුම්පොළ ආසන්නයේදී මෝටර් රථයක් ගිනි ගැනීමට ලක්ව තිබෙනවා.

කඳාන ප්‍රදේශයේ පිරිසක් ගමන් ගත් මෝටර් රථයක් මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

වව්නියාව ප්‍රදේශයට ගමන් කර යළිත් පැමිණෙමින් සිටියදී මෝටර් රථය ගිනිගෙන ඇති අතර එහි සිටි කිසිවෙකුටත් හානියක් සිදුවී නැහැ.

ප්‍රදේශවාසීන් එක්ව ගින්න පාලනය කිරීමට කටයුතු කර ඇති අතර එය සාරථක වී නොමැති අතර පසුව අනුරාධපුර ගිනි නිවීම් ඒකකයෙන් පැමිණ මෝටර් රථයේ ගින්න නිවා දමා තිබුනා.

කාර්මික දෝශයක් හේතුවෙන් මෝටර් රථය ගිනි ගන්නට ඇති බවටයි පොලිසිය සඳහන් කර ඇත්තේ.