රිය අනතුරකින් ළමුන් පස් දෙනෙකු ඇතුළු හත් දෙනෙකුට තුවාල

Friday, 31 May 2019 - 6:43

%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%85%E0%B6%B8%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B7%84%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
මුලතිව්,ඔඩ්ඩුසුඩාන්,මුත්තියාන්කට්ටු ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් ළමුන් පස් දෙනෙකු ඇතුළු හත් දෙනෙකු තුවාල ලබා ඇති බව ඔඩ්ඩුසුඩාන් පොලිසිය පවසනවා.

ඊයේ (30) සවස මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

උපකාර පංති නිමාවි දරුවන් රැගෙන ගිය ත්‍රිරෝද රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටී‍මෙන් අනතුර සිදුව තිබෙනවා.

යතුරුපැදියේ ගමන්ගත් දරුවාගේ තත්ත්වය බරපතල බවයි පොලිසිය පවසන්නේ.

අනතුර සම්බන්ධයෙන්  ඔඩ්ඩුසුඩාන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.