බදියුදීන්, අසාද් සාලි, හිස්බුල්ලා තනතුරුවලින් ඉවත් කරන්නැයි ඉල්ලා, රතන හිමියන් දළදා මාළිගාව ඉදිරිපිට මාරාන්තික උපවාසයක

Friday, 31 May 2019 - 10:51

%E0%B6%B6%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%AF%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%85%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%2C+%E0%B7%84%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%AD%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%2C+%E0%B6%BB%E0%B6%AD%E0%B6%B1+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%85%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B8%E0%B7%8F%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B7%8F%E0%B7%80+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%8B%E0%B6%B4%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B6%9A
අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ ආණ්ඩුකාරවරුන් වන එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා සහ අසාද් සාලි  ධුරවලින් ඉවත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අද පෙරවරුවේ ශ්‍රී දළදා මාළිගාව ඉදිරිපිට මහ මළුවේදී මාරාන්තික උපවාසයක් ආරම්භ කළා.

එහි සිටින හිරු වාර්තාකරු කියා සිටියේ උන්වහන්සේ සමඟ භික්ෂූන් වහන්සේලා කිහිප නමක් සහ ගිහි පිරිසක් ද එම ස්ථානයට පැමිණ ඇති බවයි.

පසුගිය අගහරුවාදා පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මාධ්‍ය හමුවක් කැදවමින් කියා සිටියේ තමන් ඉදිරියේදී තීරණයක් ගැනීමට සූදානමින් සිටින බවයි.

ඒ අනුවයි අද පෙරවරු 10.15ට පමණ උන්වහන්සේ මහනුවරට පැමිණ දළදා මාළිගාවේ මහ මළුවේ කොඩි කණුව ආසන්නයේදී මාරාන්තික උපවාසයක් ආරම්භ කළේ.

එහිදී උන්වහන්සේ තවදුරටත් කියා සිටියේ කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයා සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් හරහා පරීක්ෂණ සිදුකළ යුතු බවයි.

එමෙන්ම එම මව්වරුන්ට රජය මගින් වන්දි ලබාදීමට කටයුතු කළ යුතු බව ද උන්වහන්සේ ප්‍රකාශ කළා.