බලංගොඩම කම්පා කරවමින් නිවසකට ගිනි තැබූ පුද්ගලයෙක් සියදිවි හානිකරගනී

Friday, 31 May 2019 - 11:43

%E0%B6%B6%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B8+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B7%80%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
බලංගොඩම කම්පා කරවමින් නිවසකට ගිනි තැබූ පුද්ගලයෙක් සියදිවි හානිකරගනී "
බලංගොඩ ප්‍රදේශයේ නිවසක ගින්නකින් හිමිකරු සහ කාන්තාවක තුවාල ලබා රෝහල් ගත කෙරේ

බලංගොඩ - ඇල්ලේපොළ ප්‍රදේශයේ පුද්ගලයෙකු නිවසකට ගිනි තබා ඔහු ද සිය දිවි හානි කරගෙන තිබෙනවා.

අද අලුයම මෙම ගිනි තැබීම සිදුවී ඇති අතර, පොලීසිය අදාළ නිවස පරීක්ෂා කිරීමේදී එහි සිටි පිළිස්සුම් තුවාල ලැබූ කාන්තාවක සහ පුද්ගලයෙකු බලංගොඩ රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

පසුව අනාවරණ වී ඇත්තේ මෙලෙස ගෙළ වැළලාගෙන මිය ගිය 37 හැවිරිදි බලංගොඩ - මොරහැල්ල ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා විසින් අදාළ නිවසට ගිනි තබා ඇති බවයි.

ඔහු, තුවාල ලබා රෝහල් ගත කළ නිවසේ හිමිකරුගේ ඥාතියෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියා.

ගිනි තැබීමට හේතුව පවුල් ආරවුලක් බව සදහන්.