උදැල්ලකින් පහරදී තිදරු පියෙකු ඝාතනය කෙරේ

Friday, 31 May 2019 - 12:30

%E0%B6%8B%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93+%E0%B6%AD%E0%B7%92%E0%B6%AF%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
ගොඩකවෙල, මැද්දේගම ප්‍රදේශයේදී උදැල්ලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

ඊයේ (30) රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මැද්දේගම යහලවෙල ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි  තිදරු පියෙක්.

මුදල් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට මුලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබෙනවා.

ඝාතනය සිදුකළ සැකකරු ද තුවාල ලබා ගොඩකවෙල රෝහලට ඇතුලත් කර ඇති අතර ගොඩකවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.