නෙවිල් ප්‍රනාන්දු රෝහල ගැන, ප්‍රකාශයක් ලබා ගැනීමට, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ට සිතාසි

Friday, 31 May 2019 - 12:38

%E0%B6%B1%E0%B7%99%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B1%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%2C+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7%2C+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%A2%E0%B6%B1%E0%B6%BB%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B7%83%E0%B7%92
මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමකින් තොරව රජයේ මුදලින් නඩත්තු කිරීම පිළිබදව සාක්ෂි ලබාදීම සඳහා කොමිසම ඉදිරියේ පෙනී සිටින ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියන්ත අතපත්තුට අද සිතාසි යොමු කර තිබෙනවා.

ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලබන මස 12 වන දින කොමිසම හමුවේ පෙනී සිටිමින් ප්‍රකාශයක් ලබාදිය යුතු වනවා. එමෙන්ම, මෙම පැමිණිලි පිළිබද වැඩිදුර විභාගය ද එදින සිදුකිරීමට නියමිත බවයි ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ප්‍රකාශ කර සිටියේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට කොමිසම හමුවේ පෙනී සිටිමින් ප්‍රකාශයක් ලබාදෙන ලෙසට සිතාසි යොමු කිරීමට තීරණය කර ඇත්තේ ඊයේ දින ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සෞඛ්‍ය හා පෝෂණ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා සාක්ෂි ලබාදීමෙන් අනතුරුවයි.

එහිදී ඇය කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශ කර සිටියේ මාළඹේ නෙවිල් ප්‍ර‍්‍රනාන්දු රෝහල රජයට අයිති නොමැති වුවත් එහි ණය මුදල් සහ අනෙකුත් සියළු වියදම් රජය විසින් දරණ බවයි.

එමෙන්ම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මගින් නෙවිල් ප්‍රනාන්දු රෝහලේ අයිතිය වසර 10ක් යනතුරු සයිටම් ආයතනයටම පවරා ඇති අතර, එය රජයට පවරා ගන්නේ නම් එම කාලසීමාවෙන් පසු ක්‍රියා කළ යුතු බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරිය කොමිසම හමුවේ පිළිගෙන තිබෙනවා.

එමෙන්ම, මේ පිළිබදව අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කර සිටියේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා වහාම අත්අඩංගුවට ගත යුතු බවයි.

මේ අතර, මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා නොගැනීමෙන් රජයේ මුදල් අවභාවිත කර ඇති බවට  පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ චෝදනා කරනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ, වත්මන් රජය මේ වන විට රටේ ණය බර ටි‍්‍රලියන 13ක් දක්වා වැඩි කර ඇති බවයි.