කුරුණෑගල වෛද්‍යවරයා ගැන අදත් පැමිණිලි 40ක් - අමාත්‍යාංශයේ අතුරු වාර්තාව, අද සෞඛ්‍ය ලේකම්ට

Friday, 31 May 2019 - 12:59

%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%91%E0%B6%9C%E0%B6%BD+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%92+40%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%2C+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%A7
අත්අඩංගුවට ගෙන සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය ඒකකයේ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි සම්බන්ධයෙන් විමර්ශන කරන කමිටුවේ අතුරු වාර්තාව අද ලබාදීමට නියමිතයි.

එහිදී සකස් කර ඇති අවසන් වාර්තාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහා මේ වනවිට විශේෂඥ වෛද්‍ය අනිල් සමරනායකගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව රැස්වී ඇති බවයි වාර්තා වන්නේ.

ඉන් අනතුරුව අදාළ අතුරු කමිටු වාර්තාව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරියට ලබාදීමට නියමිතයි.

ඊයේ දිනයේ දී  මෙම වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදීමට නියමිතව තිබු නමුත්, එය සකස් කර අවසන් කිරිමට නෙහැකි වීම හේතුවෙන් ලබාදීමට ප්‍රමාද වී තිබෙනවා.

එම වාර්තාව ලැබීමෙන් පසු සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කරන බවයි වැඩබලන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් පනාපිටිය කියා සිටියේ.

මේ අතර, වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙකු, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් ලිපියක් යොමුකරමින් ඉල්ලා ඇති බව එහි සභාපති මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා සඳහන් කළා.

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශ සහ සිද්ධියට අදාළ සාක්ෂි නොමැතිවීම හේතුවෙන් පරීක්ෂණයක් සිදුකිරීමට හැකියාවක් නොමැති බවයි ඔහු සඳහන් කළේ.

වෛද්‍යවරයා සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පත්කළ කමිටුවේ අතුරු වාර්තාව අමාත්‍යාංශයට ලැබීමෙන් පසු ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට වෛද්‍ය සභාවට දැනුම් දුන්නද, දිවුරුම් ප්‍රකාශ හා සාක්ෂි නොමැතිව පරීක්ෂණ සිදුකිරීමට නොහැකි බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර, වෛද්‍ය සාෆීට එරෙහිව අද දිනයේදී පැමිණිලි 40 ක් කුරුණෑගල ශික්ෂණ රෝහලට ලැබී තිබෙනවා.

ඒ අනුව වෛද්‍යවරයාට එරෙහිව මේ වනවිට යොමු වී ඇති පැමිණිලි සංඛ්‍යාව 381 ක්.

මේ වනවිට දඹුල්ල මූලික රෝහල ඉදිරිපිට වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆිට විරෝධය පළ කරමින් මව්වරුන් සහ සිවිල් සංවිධාන කිහිපයක් විරෝධතාවක නිරත වනවා.

විරෝධතාව හේතුවෙන් රෝහල ඉදිරිපිට එක් මංතීරුවක් තාවකාලිකව වසා දමා තිබෙනවා.



රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 6:01

මහ මැතිවරණ‍යේ රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල... Read More

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය, නාමල් පළමු තැනට
Friday, 07 August 2020 - 4:51

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More

යාපනය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 4:33

යාපනය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More