තම ජීවිතය අවසන් වුව ද ජනාධිපතිවරයාගෙන් නිවැරදි තීරණයක් ලැබෙන තෙක් උපවාසය අත් නොහරින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.
අමාත්‍ය රිෂාද් බදියුදීන්, බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි සහ නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා එම ධුරවලින් ඉවත් කරන ලෙසට ඉල්ලමිනුයි උන්වහන්සේ ශ්‍රී දළදා මාළිගාව ඉදිරිපටදී මෙම උපවාසය ආරම්භ කළේ.
එහිදී රතන හිමියන් කියාසිටියේ කුරුණෑගල සහ පේරාදෙණිය ඇතුලු රෝහල් ගණනාවක සිංහල ජාතිය වඳ කිරීමේ සංවිධානාත්මක සැලැස්මක අන්තවාදී මුස්ලිම් වෛද්‍යවරුන් කිහිප දෙනෙකු යෙදී ඇති බවයි.
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා යටතේ කොමිෂන් සභාවක් පත් කර පුළුල් විමර්ශනයක් සිදු කළ යුතු අතර වන්ද්‍යාකරණයට ලක්වු මව්වරුන්ට වන්දි ලබාදීමක් ද සිදුකළ යුතු බවයි අතුරලියේ රතන හිමියන් මෙහිදී සඳහන් කළේ.
මෙම තීන්දුව ලැබෙන තෙක් තම ජීවිතය අවසන් වුව ද උපවාසය අත්නොහරින බව ද උන්වහන්සේ ප්‍රකාශ කළා.