සහරාන්ගේ ලැප්ටොප් පරිගණකයක් කලපුවකින් සොයා ගැනේ (ඡායාරූප)

Friday, 31 May 2019 - 16:27

%E0%B7%83%E0%B7%84%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%BD%E0%B7%90%E0%B6%B4%E0%B7%8A%E0%B6%A7%E0%B7%9C%E0%B6%B4%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%9C%E0%B6%AB%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BD%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
සහරාන් හෂීම්ගේ බවට සැලකෙන ලැප්ටොප් පරිගණකයක් අක්කරෙයිපත්තුව - පාලමුණේ කලපුවේ තිබී රාජ්‍ය බුද්ධි සේවාවේ සහ විශේෂ පොලිස් කණ්ඩායමක් අද සොයා ගත්තා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සදහන් කළේ පසුගිය මැයි 22 වනදා බුද්ධි තොරතුරු මත අත්අඩංගුවට ගත් ශාහුල් හමීඩ් හමීස් මොහොමඩ් හෙවත් කල්මුණේ ෂියාම් නමැති සැකකරුගෙන් ලද තොරතුරු අනුව මෙම ලැප්ටොප් පරිගණකය සොයා ගත් බවයි.

කල්මුණේ ෂියාම්, පාස්කු ඉරිදා ප්‍රහාර සිදුකළ සහරාන්ගේ සම්බන්ධීකාරකවරයෙකු ලෙස කටයුතු කර තිබෙනවා.

එසේම, ඔහුගෙන් ලද තොරතුරු මත සාලමුනේ නිවසක තිබී රුපියල් ලක්ෂ 35 ක මුදලක් සහ තවත් රන් ආභරණ කිහිපයක් ද සොයා ගත් බවයි පොලීසිය සදහන් කළේ.

සැකකරුගෙන් ලද තොරතුරු මත අවස්ථා දෙකකදී රුපියල් ලක්ෂ 5 ක මුදලක් සහ රුපියල් මිලියනයක මුදලක් සොයා ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී සදහන් කළා.

කල්මුණේ ෂියාම් විසින් මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන්ට ආරක්ෂක නිවාස 4 ක් ද සොයා දී ඇති බව හෙළි වී තිබෙනවා.






ඡායාරූප - අම්පාර, වසන්ත චන්ද්‍රපාල