රතන හිමියන් තවමත් උපවාසයේ

Friday, 31 May 2019 - 19:07

%E0%B6%BB%E0%B6%AD%E0%B6%B1+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B7%9A
අමාත්‍ය රිෂාද් බදියුදීන් සහ අසාද් සාලි, එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරුන් එම තනතුරුවලින් ඉවත් කිරිම ඇතුළු ඉල්ලීම් 4 ක් මුල් කර ගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ආරම්භ කළ උපවාසය මේ වනවිටත් ක්‍රියාත්මක වනවා.

ඒ මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිටදීයි.

අද පෙරවරු 10.15 ට පමණ උන්වහන්සේ මෙම උපවාසය ආරම්භ කළ අතර, ඊට පෙර උන්වහන්සේ පළමුව දළදා සමිදුන් වැද ආශිර්වාද ලබා ගත් බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.

මේ අතර, ඉස්ලාම් අන්තවාදීන්ට එරෙහිව නිසි පරිදි කටයුතු කරන ලෙස ඉල්ලා පූජ්‍ය අතුරලියේ රතන හිමියන්, ජනාධිපතිවරයා වෙත ඉල්ලීම් 4 ක් ඇතුළත් ලිපියක් ද යොමුකර තිබෙනවා.

එහි දැක්වෙන්නේ සිංහල සහ දෙමළ ජනතාව මෙන්ම මධ්‍යස්ථ මුස්ලිම් ජනතාව සාමය ආරක්ෂා කිරීමට කැපවෙමින් කටයුතු කරන මොහොතක අන්තවාදයට සහය දක්වන ඇතැම් ඇමතිවරුන්, මන්ත්‍රීවරුන් සහ ආණ්ඩුකාරවරුන් මහජන සාමය කඩවන ආකාරයේ කටයුතු සිදුකරමින් ප්‍රකාශ නිකුත් කරන බවයි.

එම අන්තවාදී අමාත්‍යවරුන් සහ ආණ්ඩුකාරවරුන් තනතුරුවලින් ඉවත් කර සාධාරණ ලෙස පරීක්ෂණ සිදුකිරීමට ඉඩ සලසන මෙන් මහා සංඝරත්නය හා ආගමික මෙන්ම දේශපාලන නායකයින්ට සිදුකළ ඉල්ලීම්වලට ප්‍රතිචාර නොලැබුණු බැවින් තමන් දළදා මාලිගාව අභියස උපවාසයක් ආරම්භ කිරීමට තීරණය කළ බව එහි සදහන්.