ගෙවල් බින්ද යුවලක් තණමල්විලෙන් අල්ලයි

Saturday, 01 June 2019 - 11:59

%E0%B6%9C%E0%B7%99%E0%B7%80%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%BA%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B6%AB%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
තණමල්විල, මහවැව ප්‍රදේශයේ නිවසකට දිවා කාලයේ වහලයේ උළු ගලවා ඇතුළු වී එහි තිබූ මුදල් සහ භාණ්ඩ තොගයක් කොල්ලකෑ දෙදෙනෙකු එම භාණ්ඩ සහ මුදල් සමඟ තණමල්විල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 24 හැවිරිදි පුද්ගලයෙකු සහ 52 හැවිරිදි කාන්තාවක් බවයි අප වාර්තාකරු පැවසුවේ.

සැකකරුවකු සහ සැකකාරිය  අඹුසැමියන් ලෙස ජීවත් ව ඇති බවට පොලිසියට තොරතුරු අනාවරණය වී ඇති අතර ඔවුන් හෙරොයින් පානයට දැඩිලෙස ඇබ්බැහි වූවන් බවයි පොලිසිය පවසන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුට එරෙහිව අධිකරණ කිහිපයකම නඩු විභාග වන අතර ඔහු මීට පෙර ගෙවල් බිඳුම් සහ කොල්ලකෑම් රැසකට සම්බන්ධ බවයි කරුණු අනාවරණය වී ඇත්තේ.

ගම්මැද්ද, අහංගම ප්‍රදේශයේ පදිංචි සැකකරු සහ වැලිගම, පැලැල්ල ප්‍රදේශයේ පදිංචි සැකකාරිය අද (01) දින වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.