ඒකාබද්ධයෙන් කථානායක වෙත ඉල්ලීමක්

Saturday, 01 June 2019 - 12:33

%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%AD+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අහෝසි කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කථානායක කරු ජයසූරියගෙන් ඉල්ලීමක් කරනවා.

මීළඟ පාර්ලිමේන්තු රැස්වීමේදී ඒ පිළිබද වහාම තීරණයක් ගන්නා ලෙස කථානායකවරයාට බල කර සිටින බවයි කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන කියා සිටියේ.

ඒ අනුව අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාව පිළිබදව ලබන අඟහරුවාදා පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ ඍජු තීරණයක් ගැනීමට කථානායකවරයාට හැකියාව පවතින බව ද මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළා.  

මේ අතර, මේ මාසය තුළදී දිවයින පුරා විරෝධතා මාලාවක් දියත් කිරීමට ඒකාබද්ධ විපක්ෂය සැලසුම් කර තිබෙනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු රට තුළ පවතින අස්ථාවර තත්ත්වය හේතුවෙන් අඩපණ වූ ජීවනෝපාය මාර්ග පිළිබදව රජය නිසි විසදුම් ලබා නොදීමට විරෝධය පළ කරමින් මෙම විරෝධතා මාලාව දියත් කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා සඳහන් කළේ.