රතන හිමියන් තුන්වන දිනටත් අඛණ්ඩව උපවාසයේ

Sunday, 02 June 2019 - 6:28

%E0%B6%BB%E0%B6%AD%E0%B6%B1+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%9B%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%80+%E0%B6%8B%E0%B6%B4%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B7%9A
අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ අසාද් සාලි, එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරුන් එම තනතුරුවලින් ඉවත් කිරිම ඇතුළු ඉල්ලීම් 4 ක් මුල් කර ගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ආරම්භ කළ මාරාන්තික උපවාසය අද තුන්වන දිනටත් ක්‍රියාත්මකයි.

මේ වනවිට එම උපවාසය සදහා පාර්ශව රැසක් සහය පළ කර තිබෙනවා.

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සිකුරාදා උදෑසන දළදා මාලිගාවේ මහමළුවේ ආරම්භ කළ මෙම උපවාසයට කතෝලික සභාවේ නියෝජිතයෙකු වන රාගම පදිංචි මැන්ෆ‍්‍රඩ් ඇන්තනී නමැත්තා ද එක්වුණා.

එසේම, රතන හිමියන්ගේ උපවාසයට සහය පළ කිරීමට ඊයේ දිනයේදී ගුරු සංගම් සහ උපාධිධාරි සංගම් නියෝජිතයින් ද එක්ව තිබෙනවා.

මහා සංඝරත්නය මෙන්ම ජනතාව ද උපවාසය ආරම්භ කළ දිනයේ සිට පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට සහය පළ කිරීම සදහා මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයට පැමිණියා.

ඊයේ පස්වරුවේ මහනුවරට පැමිණි පූජ්‍ය  ඕමල්පේ සෝභිත හිමියන්ද රතන හිමියන් උපවාසය පවත්වන ශ්‍රී දළඳා මාලිගාවේ මහමළුවට පැමිණියා.

එමෙන්ම, දෙමළ ජාතික සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව මේ වනවිට ඒකාබද්ධ විපක්ෂයට සහය පළ කරන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. වියාලේන්ද්‍රන් ද පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට සහය පළ කරමින් ඊයේ තවත් උපවාසයක් ආරම්භ කළා.

ඒ, මඩකලපුව - ගාන්ධි උද්‍යානය ඉදිරිපිටදියි.



රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 6:01

මහ මැතිවරණ‍යේ රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල... Read More

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය, නාමල් පළමු තැනට
Friday, 07 August 2020 - 4:51

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More

යාපනය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 4:33

යාපනය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More