ටොප් ටුවෙන්ටි පැමිණිලි මාලාවට නෙවිල් ප්‍රනාන්දු රෝහලත්

Sunday, 02 June 2019 - 8:06

%E0%B6%A7%E0%B7%9C%E0%B6%B4%E0%B7%8A+%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%92+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B1%E0%B7%99%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B1%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B6%AD%E0%B7%8A
යහපාලන රජයේ අමාත්‍යවරුන් සිදුකළ මහා පරිමාණ දූෂණ වංචා සම්බන්ධයෙන් පැමිණිලි කරන ටොප් ටුවෙන්ටි පැමිණිලි මාලාවට මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල සම්බන්ධයෙන් වන චෝදනාව එක් කිරීමට සූදානම් බව ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කළා.

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමකින් තොරව රජයේ මුදලින් නඩත්තු කටයුතු සිදුකරන බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරිය පසුගියදා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පිළිගැනීමත් සමගයි ඒකාබද්ධ විපක්ෂය මෙම තීරණය ගෙන ඇත්තේ.

පසුගිය 30 වැනිදා ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරිය ප්‍රකාශ කර සිටියේ මාළඹේ නෙවිල් ප්‍ර‍්‍රනාන්දු රෝහල රජයට අයිති නොමැති වුවත් එහි ණය මුදල් සහ අනෙකුත් සියළු වියදම් රජය විසින් දරන බවයි.

එමෙන්ම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මගින් නෙවිල් ප්‍රනාන්දු රෝහලේ අයිතිය වසර 10ක් යනතුරු සයිටම් ආයතනයටම පවරා ඇති අතර, එය රජයට පවරා ගන්නේ නම් එම කාලසීමාවෙන් පසු ක්‍රියා කළ යුතු බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරිය කොමිසම හමුවේ පිළිගෙන තිබුණා.

ඒ අනුව, ඉදිරියේදී අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කළේ.