දෙහිවල - ගල්කිස්ස වෙරළ කළු වෙයි

Sunday, 02 June 2019 - 12:22

%E0%B6%AF%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80%E0%B6%BD+-+%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B7%80%E0%B7%99%E0%B6%BB%E0%B7%85+%E0%B6%9A%E0%B7%85%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
දෙහිවල සිට ගල්කිස්ස දක්වා වන වෙරළ තීරය කිසියම් තෙල් වැනි ද්‍රව්‍යයකින් අපවිත්‍ර වී ඇති බවට වාර්තාවනවා.

කළු පැහැති තෙල් තට්ටුවක් මුහුදු ජලයේ මෙන්ම වෙරළ තීරයේද දක්නට ලැබෙන බව සඳහන්.

එම වෙරළ තීරයේ ව්‍යායාම්වල නිරතවීමට අද උදෑසන පැමිණි පිරිස්ද මේ හේතුවෙන් දැඩි දුෂ්කරතාවකට පත්වූ බවයි වාර්තාවන්නේ.  

හිරු ප්‍රවෘත්ති අංශය මේ සම්බන්ධයෙන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියෙන් විමසීමක් කළා.

එහි සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර කියා සිටියේ කිසියම් නෞකාවක් මගින් අනවසරයෙන් ඉන්ධන මුදාහැර ඇති බවට සැක පළ කරන බවයි.

එය සොයාබැලීම සඳහා වෙරළාරක්ෂක බලකායට අයත් නෞකා කිහිපයක් මේ වනවිටත් අදාළ මුහුදු ප්‍රදේශවල පරීක්ෂණ ආරම්භ කර ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.