උපවාසයේ නිරත රතන හිමියන්ගේ සුවදුක් විමසීමට කටුවාපිටියේ ජනතාවත් මහනුවරට - දුමින්ද දිසානායකයට විරෝධයක්

Sunday, 02 June 2019 - 19:04

%E0%B6%8B%E0%B6%B4%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B6%AD+%E0%B6%BB%E0%B6%AD%E0%B6%B1+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%A7+-+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ආරම්භ කළ උපවාසය අද (02) තුන් වන දිනටත් ක්‍රියාත්මක අතර උන්වහන්සේ උපවාස කරන ස්ථානයට පැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායකට එම ස්ථානයේ සිටි පිරිස දැඩි විරෝධයක් එල්ල කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පෙරේදා උදෑසන ශ්‍රී දළදා මාළිගාව ඉදිරිපිට මහ මළුවේදී මෙම උපවාසය ආරම්භ කළේ අමාත්‍ය රිෂාඞ් බදියුදීන්, අසාද් සාලි සහ එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරුන් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් 4ක් මුල් කර ගනිමින්.

කෙසේ වෙතත්, උන්වහන්සේගේ සෞඛ්‍ය මට්ටම පිරිහෙමින් පවතින බැවින් වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත්තේ හැකි ඉක්මනින් අවශ්‍ය ප්‍රතිකාර ලබා ගත යුතු බවයි.

මේ අතර, උන්වහන්සේගේ සුවදුක් විමසීම සඳහා මහා සංඝරත්නය, දේශපාලනඥයින් සහ සිවිල් සංවිධාන ඇතුළු ප්‍රදේශවාසීන් රැසක් ද උපවාසය සිදුවන ශ්‍රී දළදා මාළිගාවේ මහමළුවට අද (02) දිනයේදීත් පැමිණි බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ද උපවාසයේ නිරත පූජ්‍ය රතන හිමියන්ගේ සුවදුක් විමසීම සඳහා අද එම ස්ථානයට පැමිණියා.

මීට අමතරව උන්වහන්සේගේ සුව දුක් විමසීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කෙහෙලිය රඹුක්වැල්ල, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිළ සහ විජේදාස රාජපක්ෂ ද එම ස්ථානයට පැමිණියා.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ඇතුළු පිරිසක් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් උපවාසයේ යෙදෙන ස්ථානයට පැමිණි අවස්ථාවේ රැස්ව සිටි පිරිසගෙන් එල්ල වූ දැඩි විරෝධයක්.

මේ අතර, බෝම්බ ප්‍රහාරයෙන් හානි වූ කටුවාපිටිය දේවස්ථානයේ බැතිමතුන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් ද අද පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ සුවදුක් විමසීමට පැමිණියා.

එමෙන්ම, අද දිනයේදීත් උන්වහන්සේගේ උපවාසයට සහය පළ කරමින් දිවයින පුරා විවිධ පාර්ශව උපවාස සහ විරෝධතා මෙන්ම හර්තාල් ද සිදුකරමින් පවතිනවා.

දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. වියාලේන්ද්‍රන් මඩකලපුව - ගාන්ධි උද්‍යානය ඉදිරිපිට ආරම්භ කළ උපවාසය අද දෙවන දිනටත් ක්‍රියාත්මකයි.

ඔහුට සහය පළ කරමින් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ හිමිවරුන් දෙනමක් ද එම ස්ථානයට පැමිණි බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

මීට අමතරව රතන හිමිගේ උපවාසයට සහය පළ කරමින් මාතලේ - රත්තොට ප්‍රදේශවාසීන් ද නගරයේ සියළු වෙළදසැල් වසා කළු කොඩි ඔසවා තිබූ අතර, ඊට ඉස්ලාම් පූජකවරුන් ඇතුළු සර්ව ආගමික නායකයින් ද එක්ව සිටීම විශේෂත්වයක්.

සමස්ත ලංකා හින්දු සම්මේලනයේ නියෝජිතයින් ද රතන හිමිගේ උපවාසයට විරෝධය පළ කරමින් ගලහ - හාල්වත්ත පුරාණ බෝධිය ඉදිරිපිට අද (02) උපවාසයක් ආරම්භ කළා.

මීට අමතරව පූජ්‍ය රතන හිමියන්ගේ උපවාසයට සහය පළ කරමින් පෑරලිය - තෙල්වත්ත, නිකවැරටිය - උණගොල්ල, පානදුර සහ කළුතර ඇතුළු ප්‍රදේශවල විරෝධතා ක්‍රියාත්මක වූ බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.  



රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 6:01

මහ මැතිවරණ‍යේ රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල... Read More

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය, නාමල් පළමු තැනට
Friday, 07 August 2020 - 4:51

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More

යාපනය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 4:33

යාපනය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More