ගල්කිස්ස - වැල්ලවත්ත වෙරළ තීරයේ පිරිසිදුකිරීම් යළිත් අද සිට

Monday, 03 June 2019 - 7:44

%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+-+%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BB%E0%B7%85+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%A7
තෙල් තට්ටුවක් හේතුවෙන් අපවිත්‍ර වී තිබූ දෙහිවල - ගල්කිස්ස සහ වැල්ලවත්ත වෙරළ තීරය පිරිසිදු කිරීමේ කටයුතු අද (03) යළි ආරම්භ වනවා.

ඊයේ (02) පස්වරුවේ එම කටයුතු තාවකාලිකව නතර කරනු ලැබුවේ ප්‍රදේශයට ඇද හැලුණු වර්ෂාවත් සමඟයි.

තෙල් තට්ටුවක් මුහුදේ සිට වෙරළට ගොඩගසා තිබීම හේතුවෙන් වෙරළ ආරක්ෂක බලකාය, නාවික හමුදාව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පිරිස් එක්ව එම වෙරළ තීර පිරිසිදු කිරීම සිදුකෙරුණා.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී, ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර ජනතාවගෙන් ඉල්ලා සිටියේ ඉදිරි දින දෙක ඇතුළත එම වෙරළ තීරයට පැමිණීමෙන් වළකින ලෙසයි.