මාතරදී රන්මාල කොල්ලකෑමේ සිද්ධියකට සැකකරුවෙකු අත්අඩංගුවට

Monday, 03 June 2019 - 8:35

%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BB%E0%B6%AF%E0%B7%93+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%91%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මාතර - තල්පාවිල ප්‍රදේශයේ නිවසකට පැමිණි යුවළක්, කාන්තාවන් දෙදෙනෙකුගේ රන් මාල කොල්ලකා පලායෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 31 වනදා තල්පාවිල ප්‍රදේශයේ නිවසකට පැමිණි යුවළක් එහි සිටි කාන්තාවන් දෙදෙනාට මුහුණට ලේන්සුවක් අල්ලා මෙම කොල්ලය සිදුකර තිබුණා.

අනතුරුව එක් කාන්තාවක් රෝහල් ගතකිරීමෙන් පසු මියගොස් ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ ඇයට විෂ එන්නත් කිරීමෙන් මෙම මරණය සිදුව ඇති බවයි.

සිද්ධීය සම්බන්ධයෙන් ඊයේ දිනයේදී අත්අඩංගුවට ගත් සැකකරු 53 හැවිරිදි දෙනිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.