විශ්‍රාමික වෛද්‍යවරයෙක් මැරූ තරුණයින් තිදෙනෙක් අල්ලයි

Monday, 03 June 2019 - 8:56

%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%96+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
කොටහේන - බ්ලූමැන්ඩල් පටුමඟ ප්‍රදේශයේදී අවුරුදු 68 ක් වයසැති විශ්‍රාමික වෛද්‍යවරයෙකු ගෙළ සිරකර ඝාතනය කර, දේපළ සොරකම් කිරීමේ සිද්ධියට අදාළව කොළඹ අපරාධ කොට්ඨාශය මඟින් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (02) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 16 ත් 20 ත් අතර වයස්වල පසුවන දෙමටගොඩ සහ කොටහේන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

සැකකරුවන් සොරාගන්නා ලද ලැප්ටොප් පරිගණකයක්, ජංගම දුරකථනයක්, අත් ඔරලෝසුවක්, විදේශීය මත්පැන් බෝතල් තුනක්, මරණකරුගේ මුදල් පසුම්බිය, ඔහුගේ පාවහන් යුගලද මෙලෙස සොරාගෙන තිබෙනවා.