කාදිනල් හිමිපාණන් රතන හිමියන්ගේ සුවදුක් විමසීමට යයි

Monday, 03 June 2019 - 9:09

%E0%B6%9A%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BD%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%B4%E0%B7%8F%E0%B6%AB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AD%E0%B6%B1+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ඉල්ලීම් 04 ක් මුල් කරගනිමින් අඛණ්ඩ උපවාසයක නිරතවන පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ සුවදුක් විමසීම සඳහා අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, මහනුවරට ගොස් තිබෙනවා.

අගරදගුරු පදවි ලේකම් ගරු ඩෙනින්ටන් සුබසිංහ පියතුමන් සඳහන් කළේ අද (03) උදෑසන අගරදගුරු හිමිපාණන් රතන හිමියන් උපවාසයේ නිරත ශ්‍රී දළදා මාලිගාවේ මහ මළුව වෙත ගොස් ඇති බවයි.

මේ අතර ආණ්ඩුව පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ ඉල්ලීම් වලට අද දහවල් 12ට පෙර ප්‍රතිචාර නොදැක්වුවහොත් බස් ධාවනයෙන් ඉවත් වන බව සමස්ථ ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් කියා සිටියේ.