රතන හිමිගේ ඉල්ලීම්වලට වහා විසඳුම් දෙන්න මහා නායක හිමිවරු ඉල්ලයි

Monday, 03 June 2019 - 12:50

%E0%B6%BB%E0%B6%AD%E0%B6%B1+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B7%80%E0%B7%84%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
උපවාසයේ නිරත පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ ඉල්ලීම්වලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් අස්ගිරි සහ මල්වතු පාර්ශවයේ මහ නාහිමිවරුන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා වෙත ලිපි යොමුකර තිබෙනවා.

මහ නාහිමිවරුන්ගේ අත්සනින් යුතුව නිකුත් කළ ලිපියේ දැක්වෙන්නේ රතන හිමියන්ගේ උපවාසය සම්බන්ධයෙන් වාචිකව කරන ලද ඉල්ලීම් මෙතෙක් ඉටුනොවීම හේතුවෙන් මෙම ලිපිය යොමුකරන බවයි.

අන්තවාදී කටයුතු සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ විනිවිදභාවයෙන් සහ කඩිනමින් සිදුකර වරදකරුවන්ට නිසි දඩුවම් ලබාදෙන ලෙසද එහි දැක්වෙනවා.

මෙම උපවාසය අරමුණු කරගනිමින් රට පුරා ඇතිවන නොසන්සුන්කාරී තත්ත්වයන්හි වගකීම රජයට පැවරෙන බවද  මහනාහිමිවරුන් සිය ලිපියේ තවදුරටත් සඳහන් කර තිබෙනවා.