ඇමති රවුෆ් හකීම්ගෙන් නිවේදනයක්

Monday, 03 June 2019 - 12:48

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%80%E0%B7%94%E0%B7%86%E0%B7%8A+%E0%B7%84%E0%B6%9A%E0%B7%93%E0%B6%B8%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
කිසිවක් කර කියාගැනීමට නොහැකිව වේදනාකාරී තත්ත්වයක සිටින මෙරට මුස්ලිම් ජනතාව තමන් මෙවැනි අනතුරකට මගපෑදූ හේතු පිළිබඳව ස්වයං විමර්ශනයක් සිදුකිරීමට සුදුසු කාලය එළඹ ඇතැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ ත්‍රස්තවාදීන් කිහිපදෙනෙකු පාස්කු ඉරිදා සිදුකරන ලද ම්ලේච්ඡ ඝාතන සිද්ධිය නිසා මුස්ලිම් ජනතාව බියෙන් සහ කම්පාවෙන් පසුවන බවයි.

මෙම නොසන්සුන් තත්ත්වය හමුවේ සිත් තුළ සැකය සහ අවිශ්වාසය ඇතිවී තිබෙන සමාජයන් අතර සාමය සහ එකමුතුභාවය ඇති කිරීමට අවශ්‍ය දායකත්වය ලබාදීම මාධ්‍යවල වගකීම සහ යුතුකම බවද අදාළ නිවේදනයේ තවදුරටත් සඳහන්.