මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහට ඇප - තව්හිද් ජමාත් කොළඹ නායකයා යළි රිමාන්ඩ්

Tuesday, 04 June 2019 - 11:27

%E0%B6%B8%E0%B7%84%E0%B7%83%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%9A%E0%B7%8F%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B7%93+%E0%B6%85%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4+-+%E0%B6%AD%E0%B7%80%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%AF%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
ජාතික සමගියට හානිවන අයුරින් මත පළ කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගැනුණු  මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ අද (04) ඇප මත මුදා හැරුණා.

රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරීමටයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා නියෝග කළේ.

එමෙන්ම, මහජනතාව තුළ කැළඹීම් ඇති වන ආකාරයේ ප්‍රකාශ නිකුත් නොකරන ලෙසට සහ එවැනි රැස්වීම් නොපවත්වන ලෙසට ද අමිත් වීරසිංහට මහේස්ත්‍රාත්වරිය අවවාද කළ බව හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළා.

මොහුට විරුද්ධව ඇති චෝදනා මහජන ආරක්ෂක පනත යටතේ නොගැනෙන බවට අධිකරණය නිරීක්ෂණය කර ඇති බව ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරිය නඩුව යළි ලබන මස 2 වන දා කැදවීමටයි නියෝග කර ඇත්තේ.

මේ අතර, තහනම් සංවිධානයක් ලෙස නම් කර ඇති ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක ලෙස කටයුතු කරමින් සිටියදී අත්අඩංගුවට ගත් මොහොමඞ් ෆාරුක් මොහොමඩ් ෆවාස් මේ මස 18 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. එහිදී මහේස්ත්‍රාත්වරිය කෙසෙල්වත්ත පොලීසියට නියෝග කළේ සැකකරු සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන කඩිනම් කරන ලෙසයි.

එමෙන්ම, ජාතික හවුහිත් ජමාත් සංවිධානයේ නායකයා ලෙස සැලකෙන සහරාන් හෂීම්ගේ ගෝලයෙකු නිදහස් කර ගැනීම සඳහා හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිවරයාට රුපියල් දෙලක්ෂ 50,000ක අල්ලසක් ලබාදීමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගත් පුද්ගලයා ලබන 11 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ සැකකරු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.